January 07, 2012

මර්වින්ට විනය පරීක්‍ෂණයක්

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් නඟා ඇති චෝදනා පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් විනය පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.

මේ අතර ඕනෑම පරීක්‍ෂණයක් සඳහා මුහුණ දීමට තමා සූදානම් බවද තමාට නඟන චෝදනා පිළිබඳව විනය පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ශ‍්‍රී ලංකා නිදස් පක්‍ෂ මහ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ තමා බවද මර්වින් සිල්වා මහතා කියා සිටී. තමා වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන් මෙන්ම ප‍්‍රදේශයේ මහා සංඝ රත්නය මෙන්ම මහ ජනතාවද සිටින බවත් අමාත්‍යවරයා කියයි.

0 comments:

Post a Comment